උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු විසදීම වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික පෙරමුණ නමින් නව සංවිධානයක් බිහි කිරීමට කටයුතු කරන බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතා මාධ්‍ය නිවේදනයක් මගින් දන්වා ඇත.
එම මාධ්‍ය නිවේදනය මගින් ආනන්ද සංගරී මහතා වැඩිදුරටත් කියා සිටින්නේ මේ සම්බන්ධයෙන් ඊ.පී.ඩී.පී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා ගනේෂන් ඇතුළු පක්ෂ 10 ක පමණ නායකයන් සමග නව පක්ෂයක අවශ්‍යතාවය ගැන සාකච්ඡා පැවත්වූ බවටයි.
දෙමළ ජාතික සන්ධානය මගින් දෙමළ ජනතාවගේ ගැටලු සදහා විසදුමක් නොලැබෙන බැවින් නව පෙරමුණ බිහි කිරීමට සූදානම් බව ඔහු කියයි.