අලුත්ගම දර්ගා නගරයේ සහ බේරුවල යන ප්‍රදේශවල සිදුවූ ගැටුම්වලින් හානියට පත් නිවාස සහ ගොඩනැගිලි යළි ප්‍රතිසංස්කරණය කිරීම රජයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලිකත්වයෙන් ඇරඹිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිලධාරීන් 15 දෙනෙකු සහ සෙසු නිලයන් 700ක්ට වැඩි පිරිසක් මේ සඳහා යොදවා තිබේ.
මෙම සිදුවීමේදී එම ප්‍රදේශවල සිංහල හා මුස්ලිම් ජනතාවගේ නිවාස හා කඩසාප්පු විශාල හා සුළු වශයෙන් හානියට පත්ව ඇති අතර, මිට නිවාස 94ක්, කඩ සාප්පු 137ක් අයත් බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඒ අතරින්, විශාල ලෙස විනාශයට පත් නිවාස 27ක්, කඩ සාප්පු 47ක්, සුළු වශයෙන් විනාශයට පත් නිවාස 67ක්, කඩ සාප්පු 90ක් වශයෙන් හඳුනාගෙන ඇති බව කියැවෙයි.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජයේ භාණ්ඩාගාරයෙන් හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයෙන් රු.මිලියන 200ක මුදල් වෙන් කර ඇති බවද පෙන්වා දෙයි.
ඉහත සිදුවීමේදී විනාශයට පත් නිවාස සහ කඩ සාප්පු කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා ලබාදීමට කටයුතු කරන බවද රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.