අලුත්ගම, දර්ගා නගරය, බේරුවල යන ප්‍රදේශ ආශ්‍රිතව නීතිය කඩකරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 50 දෙනෙකු සොයා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව පසුගිය දිනවල නීතිය හා සාමය කඩවන ලෙස හැසිරුණු පුද්ගලයන් 41 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, එම පිරිසෙන් 25 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරගත කළ බවත්, සෙසු පිරිස ඇප මත මුදාහැරි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 10,000ක් යොදවා තිබෙන බවත්, මීට අමතරව පොලීසියේ සහයට යුද හමුදා භට පිරිස් කැඳවීමට කටයුතු කළ බවත් හෙතෙම පවසා සිටියේය.