රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම හෙට (31දා) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මිනුම්පති ජනරාල් පී.එම්.පී. උදය කාන්ත මහතා පවසයි.
ඒ අනුව කොළඹ ඉදිවන වරාය නගරය ඇතුළත් කිරීම නිසා ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය කිලෝමීටර 2කින් වැඩි වී ඇති බවත් මොරගහකන්ද ඇතුළු නව වාරි ව්‍යාපෘති ගණනාවක්ද මෙම සිතියමට ඇතුළත් කොට ඇති බවත් මිනුම්පතිවරයා සඳහන් කරයි.
නව ශ්‍රී ලංකා සිතියමේ 1:500 පරිමාණයේ මුද්‍රිත පිටපත් ජූනි මස මැදභාගය වනවිට මහජනතාවට මිලදී ගත හැකි අතර එහි පරිගණක මුද්‍රිත පිටපත් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් මිලදී ගත හැකි බවත් හෙතෙම පැවසීය.
රජයේ ප්රවෘත්තී දෙපාර්තමේන්තුව ඇසුරෙනි