ශ්‍රී ලංකාව මුහුදු සීමාවට නීති විරෝධී අයුරින් ඇතුළු වී ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුව ඉන්දීය ධිවරයින් නිදහස් කර ගැනීමට මැදිහත් වෙන්නැයි තමිල්නාඩු නව මහ අමාත්‍ය ඊ.කේ. පලනිස්වාමි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ලිපියක් මගින් දැනුම් දී ඇත.
මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දී ධීවරයින් 48 දෙනෙකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන අතර අද දිනයේදී 13 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ පිළිබඳව තමිල්නාඩු රජයේ වැඩි අවධානය යොමුව ඇති බව ඔහු සිය ලිපියෙන් පවසයි.