මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වූ චීවරධාරීන් 150 දෙනා අතරින් කිසිදු භික්ෂුවකට අලුත් පාර්ලමේන්තුවට තේරී පත්වීම සඳහා අවස්ථාව හිමි වී නැත. අලුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 10ක් දිනාගන්නා බව කී බොදුජන පෙරමුණෙන් තරග කළ බොදුබල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේලාද ඒ අතර වෙති. දිස්ත්‍රික් පදනම යටතේ කිසිදු භික්ෂුවක් නොමැතිවුවද ජාතික ලයිස්තුව යටතේ පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරීපත්වීමට බොහෝදුරට හැකියාව තිබේ