මැතිවරණ කොමිසම විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගෙන ඇතැයි හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද (02දා) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතු කරගෙන යෑම සඳහා අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණෙහි නාමය වෙනස් කොට තමාගේ සභාපතිත්වයෙන් යුතුව නව පක්ෂයේ නාමය නිර්මාණය කළ බවත්,ඒ සඳහා අවසර ලබාදෙන්නැයි පසුගිය සතියේදී මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ නව පක්ෂයේ ලාංඡනය මල් පොහොට්ටුව බවයි.