අලුත් නුවර සංවර්ධන සැලැස්ම යටතේ අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල භූමිය සහ පූජා නගරය සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.
අදාළ භූමි ප්‍රදේශය සංවර්ධනය කිරීමේදී එහි පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා කරගැනීම සහ බැතිමතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අද (14දා) අරලියගහ මන්දිරියේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.
අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී හා නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී ශ්‍රී දැඩි මුණ්ඩ දේවාල භූමිය සහ පූජා නගරය සංවර්ධනය කරන ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම සාකච්ඡාවට මහනුවර විෂ්ණු දේවාලයේ සහ දැඩි මුණ්ඩ දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්තේ, දැඩි මුණ්ඩ දේවාලයේ තේවාව බාර දම්සිරි කරුණාරත්න මහතා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.