මේ වසරේ ජනවාරි 8 වැනිදා ජනතාව විසින් හිටපු ජනපති ඉවත් කොට නව ජනාධිපතිවරයෙකු පත් කළේ නිසි ආණ්ඩුවක් පිහිටුවීමට බැවින් සිය පක්ෂය අලුත් ආණ්ඩුව සමග සහයෝගයෙන් වැඩ කිරීමට සුදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා බී.බී.සී.යට පවසා ඇත.
ඔහු මෙසේ පවසා ඇත්තේ අගමැති රනිල් වික්රමසිංහ මහතා එකමුතුව එක් ආණ්ඩුවක් පිහිටුවීමට සැමට කර ඇති ආරාධනාව පිළිගෙන අලුත් ආණ්ඩුව සමග එක්වන්නේදැයි කියා බී.බී.සී.ය යොමු කළ පැනයට පිළිතුරු ලෙසිනි.
ජනතාව තවත් වතාවක් තම පක්ෂයට බලය ලබා දී ඇති බවත් එමගින් ජනතාව සිය පක්ෂය කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් ආර්. සම්බන්ධන් මහතා පවසා ඇත.
ජනතා තීරණය ක්රියාත්මක කිරීම වෙනුවෙන් සිය පක්ෂය නව ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇති නමුත් නව ආණ්ඩුවේ ඇමති ධුර භාරගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂය තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද සම්බන්ධන් මහතා වැඩිදුරටත් පවසා ඇත.