පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්රීවරුන් වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පිරිනැමූ රාත්රී භෝජන සංග්රහය ඊයේ (01දා) කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි. අග්රාමාත්ය රනිල් වික්රමසිංහ, කතානායක කරූ ජයසූරිය ප්රමුඛ පක්ෂ විපක්ෂ මන්ත්රීවරු බොහෝ දෙනෙක් මෙම භෝජන සංග්රහයට එක්ව සිටිනු දැකිය හැකි විය. මෙරටට පැමිණි ඇෆ්ගනිස්ථාන හිටපු ජනාධිපතිවරයාද රාත්රී භෝජන සංග්රහයය එක්විය. නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ(01) පස්වරුවේ ආරම්භ කෙරිණි.