මාදම්පේ, ගල්මුරුව, හේනේපොල පදිංචි 37 හැවිරිදි අවිවාහක කාන්තාවක අද (17දා) උදෑසන දරුවෙකු සිය නිවස තුළදීම ප්රසූත කර අසල ඔය රක්ෂිතයට දමා ගොස් ඇතැයි මාදම්පේ පොලීසිය පවසයි.
ගවයන් බැඳීමට කැලයට ගිය පුද්ගලයෙකුට දරුවෙකු හඬන ශබ්දය ඇසී ඒ පිළිබඳව මාදම්පේ පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් හා ප්රදේශවාසීන් මැදිහත්වී දරුවා ගල්මුරුව රෝහලට ඇතුළත් කර තිබේ.
බිළිඳා වැඩිදුර ප්රතිකාර සඳහා හලාවත රෝහලට මාරුකර යවා ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
වඩුමුන්නේගෙදර - ටී.පී.අධිකාරී