දරුවෙකු ප්‍රසූත කිරීමත් සමග එම දරුවා වළ දැමූ බවට සැක පිට ඊයේ (19දා) පස්වරුවේදී මවක දඹුල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ තිදරු මවකි. දඹුල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය විසින් පසුගිය (15දා) නිවසේදී ප්‍රසූත කළ දරුවෙකු වළ දැමූ බවට ලැබුණු තොරතුරක් මතය.
සැකකාර කාන්තාවට තවත් දරුවන් දෙදෙනකු සිටින බවත්, ඇයගේ සැමියා වසර 4ක කාලයක සිට විදේශගතව සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පැවසීය.
දරුවා නිවසේ ගෙවත්තේ වළ දැමූ ස්ථානයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන බවත්, අද (20දා) පස්වරුවේ අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මළ සිරුර ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් දඹුල්ල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.