ලෝකයේ කිසිම රටකට අලින් ලබා නොදෙන බවත් යම් යම් අය කරන දෑ තමන් අනුමත නොකරන බවද තිරසාර සංවර්ධන, වනජීවී හා බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අද කළ විමසුමකදී අදහස් දක්වමින් හෙතමෙ මේ බව පවසා සිටියේය.
මෙරට තුළ සිටින අලින් සංඛ්‍යාව පිළිබඳව සමීක්ෂණයක් සිදු නොකර අලින් කොපමණ ප්‍රමාණයක් සිටීදැයි යන්න කිසිවෙකුට නිගමනයකට පැමිණි නොහැකි බවද ඔහු පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් එළඹෙන ජනවාරි මස දින දෙකක් තුළ දී සමීක්ෂණයක් සිදු කර මෙරට සිටින අලින් සංඛ්‍යව පිළිබඳ වාර්තාවක් එළි දක්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.