අලි පැටවුන් ජාවාරමේ යෙදුණ බව කියන අලි රොෂාන් සන්තකයේ සිටි අන්තිම අලි පැටවා වූ සමාධි නම් අලියා වනජිවි භාරයට ගන්නා ලෙස කොළඹ මහේස්ත්රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
මෙම අලි පැටවා 2014 වසරේදී රුපියල් ලක්ෂ 50ක ඇපයක් මත අලි රොෂාන්ට බාර දෙනු ලැබුවත් අලි පැටවාගේ ලියවිලිවල තිබෙන ගැටලුවක් හේතුවෙන් නැවතත් වනජීවි භාරයට ගන්නා ලෙස විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.