වනජීවි දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරිමේ ලේඛණයෙහි තොරතුරු යම්කිසි අයෙකු විසින් මකා ඉවත්කර ව්‍යාජ තොරතුරු ඇතුලත් කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශණවලින් පසුව ඒ සම්බන්ධයෙන් මහරගම ප්‍රදේශයේ අලි රොෂාන් නොහොත් නිරාජ් රොෂාන් නැමැති අයෙකු අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අලි රොෂාන් කැලෑවෙන් රැගෙන ආ අලි පැටවුන් තිදෙනෙක් විවිධ පුද්ගලයන්ට විකූණා ඇති බවට විමර්ශණ වලින් හෙළිව තිබේ.
සොයා ගන්නා ලද අලි පැටවුන් අධිකරණයේ අවසරය ලබා වනජිවි දෙපාර්තමේනතුවට භාර දීමට ඉදිරියේදි ක්‍රියා කරන බව පොලීසිය කියයි.