නීතිවිරෝධී ලෙස අලි පැටවුන් ළඟ තබාගෙන සිටින පුද්ගලයන්ට එම අලි බාරදීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
දළඳා වහන්සේගේ ආශීර්වාද ලබාගැනීම සඳහා පැමිණීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අද (26දා) මේ බව පැවැසීය.
එම කාලසීමාවේදීත් අලි පැටවුන් බාර නොදෙන අය සඳහා නීතිය මඟින් ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සඳන් කළේය.