හික්කඩුව ගිනිමැල්ලගහජයතිලකාරාම විහාරස්ථ ශ්‍රී සද්ධාතිස්ස දහම්පාසල විසින් නිකිණි පොහොය නිමිත්තෙන් සංවිධානය කර තිබූ පෙරහරේ ගමන් කිරීම සඳහා ගෙනවිත් තිබූ අලි පැටවෙකුගේ බලපත්‍රයේ දෝෂයක් නිසා එම අලි පැටවා වනජීවි නිළධාරීන්ගේ භාරයට ගෙන ඇත.
පෙරහැරේ ගමන් කිරීමට නොහැකි වන අන්දමට අලි පැටවාගේ කකුල් බැද තිබූ නිසා අලි පැටවා පෙරහැරින් ඉවත් කරන ලෙස ඌව සහ මධ්‍යම පළාත් භාර පශු වෛද්‍ය ඩබ්ලිව් ඒ ධර්මකීර්ති මහතා පෙරහැර සංවිධායකයින්ට උපදෙස් දී තිබ.එහෙත් සංවිධායකයින් අලි පැටවා පෙරහැරින් ඉවත්කර නැති අතර පසුව පොලිසියේ සහය ලබාගෙන අලිපැටවා පෙරහැරින් ඉවත්කර ඇත.
වනජීවී නිළධාරීන් විසින් අලි පැටවාගේ බලපත්‍රය පරික්ෂා කිරීමේදී අලි පැටවාගේ වයස සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත වඅලි පැටවා ඔවුන්ගේ භාරයට ගෙන ඇත.