පවතින දැඩි වියළි කාලගුනික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුවේ රක්ෂිත වල වෙසෙන වන සතුන්ගේ පිපාසයටද ජලය නැතැයි වාර්තාවේ.
මේ අනුව හබරන රක්ෂිතයේ වන අලින්ද ජලය සොයා පැමිණෙන අතර පොලොන්නරුව මඩකලපුව ප්රධාන මාර්ගයේ හබරන ප්රදේශයේ මේ දිනවල වන අලි ගැවසෙන බවත් මාර්ගයේ ගමන් කරන රියදුරන් ඒ පිළිබදව අවධානය යොමු කළ යුතු බවත් වනජීවී නිලධාරීන් කියයි.
මේ අතර පොලොන්නරුව පුජා භුමියේ සිටින මුවන් සදහා ඉදිරියේදී ජල ටැංකි ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක්ද යොදා ඇති බව පොල්න්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීයෙකු පැවසීය.