සිංහරාජ රක්ෂිතයේ සිටින අලි දෙදෙනා ඉන් ඉවත් කර හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට යොමු කිරීමේ ක්‍රියාවලිය නතර කළ බව වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසූවේ අද (17දා) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වනජීවී අමාත්‍යවරයා,
ජනාධිපතිවරයා විසින් තමන් වෙත දුරකථනයෙන් අමතා එම වනඅලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු නතර කරන ලෙස උපදෙස් දුන් බවත් ඒ අනුව එම කටයුතු නතර කළ බවත් කිසියම් විටෙක මෙම අලි දෙදෙනාගෙන් ගමිවැසියන්ට හෝ ගම්වැසියන්ගෙන් අලි දෙදෙනාට අනතුරක් සිදු වුවහොත් එහි වගකීම මෙම අලි දෙදෙනා විතැන් කිරීමේ ක්‍රියාවලියට විරුද්ධ වූ පිරිස් විසින් බාරගත යුතු බවත් පැවසීය.