අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්විය නොහැකි බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙන නිසා එම නීතිය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය ස‘ඳහන් කරයි.
කුරුඳුවත්ත පොලීසිය සිදුකළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය ලබාගෙන තිබෙන බවත්, මේ අනුව කිසිදු අවස්ථාවක එම නියෝගය කඩකරමින් කටයුතු කළ නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.