අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත්බව එම කොමිසමේ විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.
රුවන්වැල්ල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ සැරයන්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවත් වැලි ප්‍රවාහනය කරන පුද්ගලයෙකුට බාධාවකින් තොරව එම කටයුතු කරගෙන යාම සඳහා මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා රුපියල් 8500ක අල්ලස් මුදලක් ඉල්ලීම ඔවුන්ට එරෙහි චෝදනාව බවක් හෙතෙම කීය.