කොළඹ - ගල්කඳවිල මාර්ගයේ ධාවනයට බස්රථයක් යෙදවීමට රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමට තැත්කළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරු කේ.ර්.ආර්. අජිත් රංජිත් මහතා අද (16දා) දහවල් 12.00 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට පෙර රුපියල් 1000 ක් ලබාගෙන ඉතිරි රුපියල් 9000 ක මුදල ව්‍යාපාරිකයෙකුගෙන් ලබා ගැනීමට යන අවස්ථාවේදී බත්තමුල්ල ප්‍රධාන කාර්යාලයේදී ධාවන කළමනාකාරවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්රාත්වරයාට ඔහු ඉදිරිපත් කිරීමට නියමිත බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.