පොලිසිය වැට ලූ සූදු පිටියක තිබී සොයාගත් ජංගම දුරකතනයක් එහි අයිතිකරුට ආපසු ලබාදීම සදහා රුපියල් පන්දහසක අල්ලස් මුදලක් ගත්බව කියන අහුංගල්ල පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු ඊයේ (08දා) රාත්‍රී අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේ එහි තිබූ ජංගම දුරකතනයක් සොයාගත් සැකකාර පොලිස් නිළධාරින් දෙදෙනා එය පොලිසියට රැගෙන ගොස් ඇත.එවිට එහි අයිතිකරු රුපියල් දෙදහසක මුදලක් දෙන බව පවසා ජංගම දුරකතනය ඉල්ලා ඇත.
එවිට රුපියල් දෙදසහක් නොව රුපියල් පන්දහසක මුදලක් අවශ්‍ය බව පොලිස් නිළධාරීන් පැවසූ විට එම මුදල සැකකරුවන් දෙදෙනාට ලබාදෙන විට මෙසේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබේ.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්