රුපියල් මිලියන 125 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමට කටයුතු කිරීමේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් රේගු නිලධාරීන් තිදෙනා අනිවාර්ය නිවාඩු යැවීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මෙලෙස අනිවාර්ය නිවාඩු යැවීමේ දඬුවමකට යටත් කර තිබෙන්නේ රේගු අධිකාරී සුසිර පරාක්‍රම, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න යන රේගු නිලධාරීන්ය.
අල්ලස් කොමිසම අත්අඩගුවට ගත් මෙම තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.