ඉඩමක සැලැස්මක් අනුමත කරදීමට රුපියල් 125,000 ක අල්ලසක් ඉල්ලූ කඩුවෙල මහ නගර සභාවේ සේවකයන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (02දා) අත්අඩංගුවට ගෙන තිබේ.
නගර සභාවේදී එම සේවකයන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා මොහොතේදී ඔවුන් රුපියල් 75,000 ක් ලබාගෙන තිබුණු බව අල්ලස් කොමිසම පවසයි.