අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට පත්වු රේගු නිලධාරින් තිදෙනා ලබන 30දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය. ආනයනය කළ භාණ්ඩ තොගයකට ගෙවිය යුතු රුපියල් කෝටි 150 ක රේගු ගාස්තු නිදහස් කිරීම සඳහා රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ඉල්ලී සම්බන්ධයෙන් රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී.පෙරේරා යන නිළධාරීන් මෙලෙස අත්අඩංගුවට පත්ව සිටිති