අධිකරණ නියෝගයට අදාළ ඉදිරි කටයුතු කරදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 3,000ක අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ අම්පාර දිසා අධිකරණයේ හිටපු ලේඛකාධිකාරීවරයාට සහ එහි හිටපු ප්‍රධාන ලිපිකරුට වසර 04 බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔවුන්ට රුපියල් 6,000 බැගින් දඩ මුදල්ද නියම කළේය.
අධිකරණය නියෝගයට අදාළ ඉදිරි කටයුතු කරදීම සඳහා අදාළ පුද්ගලයාගෙන් ඉල්ලා ලබාගත් රුපියල් 3,000ක හා රුපියල් 1,500කඅල්ලස් මුදල් දණ්ඩන වශයෙන් විත්තිකරුවන්ගෙන් අයකර ගන්නා ලෙසද විනිසුරුවරයා නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ අම්පාර දිසා අධිකරණයේ ලේඛකාධිකාරීවරයා ලෙස කටයුතු කළ පී.එච්. චන්ද්‍රසිරි සහ එහි ප්‍රධාන ලිපිකරු ලෙස කටයුතු කළ ජී.සී. ජයසේකර නමැත්තන්ටය.