අල්ලස් කොමිසම හොර ගුහාවක් බවත් එහි ඉහළ පෙළේ නිළධාරින්ද වංචා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පැවැසීය.
අද (27දා) ඔහු තමා ඉදිරිපත් කළ පැමිණිලි පිළිබඳව කරනු ලබන විමර්ශන වල ප්‍රගතිය සොයා බැලීම සඳහා කොමිසමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඉහත අදහස් ප්‍රකාශ කළේය.
අල්ලස් කොමිසම විසුරුවා හැර එහි අධ්යක්ෂ ජනරාල්වරියට බලය ලබා දිය යුතු යැයි තමා ජනපතිවරයාට හා අගමැතිවරයාට පවසන බවත් ඔහු පැවැසීය.