අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 116 කගේ අත්සන්වලින් යුතු පෙත්සමක් ඊයේ (21දා) කථානායකවරයා වෙත භාරදෙන ලදී. මේ පිළිබඳව පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වූ හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, අධ්යක්ෂ ජෙනරාල්වරිය දේශපාලන වුවමනා වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට එරෙහිව විමර්ශන කටයුතු සිදුකරන බවයි.
කෙසේ නමුදු එතුමියට විරුද්ධවද අල්ලස් හා දූෂණ චෝදනා රැසක් ඇති බව ඔහු පැවසීය. විශේෂයෙන්ම ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන සමයේ නකල්ස් රක්ෂිතයෙන් ඉඩම් අක්කර ගණනක් සංවර්ධනය සඳහා ලබාගැනීමට බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ චෝදනා ඇති බවද ඔහු සඳහන් කළේය.
CCTV කැමරා පද්ධති සවිකිරීමේදී හා ජංගම දුරකථන මිලදී ගැනීමේදී අයථා මුදල් පරිහරණය පිළිබඳව හා වැටුප් දෙකක් ලබාගැනීම පිළිබඳවද ඇය චෝදනා ලැබ ඇති බව ඔහු පැවසීය.
එබැවින් ඇයට තවදුරටත් එම තනතුරේ රැඳී සිටීමට සුදුසුකම් නොමැති බැවින් එම තනතුරෙන් ඇය වහාම ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා පවසා සිටියේය.