අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සවිබල ගැන්වීම සඳහා ඇමෙරිකානු රජය විසින් ශ්රී ලංකාවට රුපියල් මිලියන 35.25ක ප්රදානයක් ලබාදීමට එකඟතාව ප්රකාශ කර තිබේ.
අල්ල්ස හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නවීන තාක්ෂණික සහාය ලබාදීම සහ එහි නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වර්ධනයට මෙම මුදල් ලබාදිමට නියමිතය.
ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු සඳහා වන ඇමරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තු කාර්යාංශය හරහා මෙම ප්රදානය ශ්රී ලංකවට ලැබෙයි.