අල්ලස් කොමිසම තවදුරටත් ස්වාධීන කිරීම සඳහා විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරීන් බඳවා ගැනීම වෙනුවට විශ්වවිද්‍යාල මට්ටමින් බඳවා ගැනීම් සිදුකිරීමට අවධානය යොමුව ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසම සඳහන් කරයි.
මේ ආකාරය විශ්වවිද්‍යාලවලින් බඳවා ගැනීම් පිළිබඳ යෝජනාව රජයට ඉදිරිපත් කර තිබෙන බවද එම කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා සඳහන් කළේය.
දැනට විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලධාරීන් යොදාගැනීම සිදුවන බවද අද (29දා) පැවැති උත්සවයකදී හෙතෙම පවසා සිටියේය.