19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රකාරව, ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයන් පත් කිරීම යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නව සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයින් පත්කර තිබේ.
ඒ අනුව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව සභාපතිවරයා ලෙස විනිසුරු ටයිටස් බෝධිපාල වීරසූරිය මහතා පත්කර තිබේ. මීට අමතරව, විනිසුරු ලාල් රංජිත් සිල්වා සහ චන්ද්‍රනාත් නෙවිල් ගුරුගේ යන මහත්වරුද කොමිසමේ සාමාජිකයන් ලෙස පත්කර තිබේ.