දූෂණය, වංචාව සහ නාස්තිය පිටුදැකීමට ඇති කැපවීම නව රජයේ මූලික ප්‍රතිපත්තියක් වශයෙන් සලකා ක්‍රියාකරන බවට අටවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය අගය කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි. වඩාත් විධිමත්ව හා අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වා වරදකරුවන් කඩිනමින් නීතිය හමුවට පමුණුවන්නැයිද එම ආයතනය පවසයි.
එමෙන්ම දූෂණය මැඩලීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වඩා කාර්යක්ෂම කිරීමට වහා පියවර ගන්නා ලෙසත් ඊට අවශ්‍ය බලධාරීන් නිසි පරිදි ලබාදෙන ලෙසත් එම ආයතනය රජයෙන් ඉල්ලා සිටියි.