අල්ලසක් ගත් විදුහල්පතිට මාස 16ක අත්හිටවූ සිර දඬුවමක්
ගිරිඋල්ල වික්‍රමශිලා විද්‍යාලයේ පළමු වසරට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට රුපියල් 40,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාට මාස 16ක සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතා එම දඬුවම් කාලය වසර 07කට අත්හිටුවීමට නියම කළේය.
2006 වසරේදී එම විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ කරුණාතිලක ජයසිංහ නමැත්තෙකුට මෙසේ දඬුවම් නියම කෙරුණි.
රැකියාව අහිමිව වසර ගණනක් සිටීම නිසා මේ වන විටත් විත්තිකරුට දඬුවම් ලැබී ඇතැයි ද කෙසේ නමුත් වයෝවෘද්ධව සිටින විත්තිකරුට සිර දඬුවම් නියම කිරීමට තමන් අපේක්ෂා නොකරන බව සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
2006 වසරේදී ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයේ පළමු වසරට සිසුවෙකු ඇතුළත් කරගැනීමට අදාළ දරුවාගේ මවගෙන් විත්තිකාර එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙම දඬුවම නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 20,000/- ක දඩයකට ද ඔහු යටත් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
