අල්ලස දූෂණය නැති කිරීමට පියවර ගන්නවා
අල්ලස හා දූෂණය මුලිනුපුටා දැමීමට තීන්දු තීරණ ගන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ලෝක පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුමට පොලොන්නරුවේදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා කියන්නේ අමාත්‍යාංශයේ ලේකම්වරයෙකුගේ තනතුරට සමානයි. අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගත්තා.
අපේ රටේ ජනාධිපතිවරු තිදෙනෙකුගේ මේ තනතුරේ සිටිය අය හිරේ ගිහින් තියෙනවා. රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා විශ්‍රාමික රාජ්‍ය සේවකයෙක්. අමාත්‍යාංශ ලේකම්වරයෙක් ලෙස සිටලා. ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා.
මාස ගාණකට කලින් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා.
ඇයි මෙහෙම වෙන්නේ මේවා පිළිබඳව සොයා බැලීම අත්‍යාවශ්‍ය වෙනවා. මම ඉතාම පැහැදිලිව අල්ලස දූෂණ වංචාව හොරකම නාස්තිය පිළිබඳව තීන්දු තීරණ අරගෙන තිබෙනවා.
සමාජ යහපත් වෙන්න දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ඕන. දූෂණය අල්ලස මුලිනුපුටා දැමීමට ගත යුතු තීනදු තීරණ ගන්නවා”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


