අල හා පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඕනෑම කෙනෙකුට ආනයනය කිරිමට අවස්ථාව ඇති බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී තමාට යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය. රජය විසින් අල හා පරිප්පු ආනයනය නොකරන බවත් ඔහු ප්‍රකාශ කළේය.