අර්තාපල්, ලොකු ලූනු හා වියළි මිරිස් සඳහා සහතික මිලක් ප්රකාශයට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව නිෂ්පාදකයාගෙන් මිලදී ගන්නා අර්තාපල් කිලෝග්රැම් 1 ක් සඳහා රුපියල් 80 ක්ද, ලොකු ලූනු කිලෝග්රෑම් 01 ක් සඳහා රුපියල් 60 ක්ද, වියළි මිරිස් කිලෝ එකකට රුපියල් 350 ක්ද. බීජ අර්තාපල් කිලෝ එකකට රුපියල් 160 ක්ද, ලොකු ලූනු බීජ කිලෝ 1 කට රුපියල් 1200 ක්ද සහතික මිලක් නියම කර ඇත.