වරාය සහ නාවික අමාත්‍යාංශයේ වෙළඳ හා නාවික ලේකම් කාර්යාලය, වෙළඳ නාවික විෂයේදී ආසියාවේ ISO 9001 : 2008 තත්ත්ව සහතිකය ලබාගත් පළමු සහ එකම ආයතන බවට අද පත් විය.
වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවැති උත්සවයකදී එම තත්ත්ව සහතිකය වෙළඳ හා නාවික ලේකම් කාර්යාලයට පිරිනැමුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ටී. ජී. ජී. ධර්මවර්ධන මහතා විසිනි.
එම තත්ත්ව සහතිකය පිළිගනිමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ප්රවීණයන්ගේ උපදෙස් ලබා ගැනීමේ සංස්කෘතිය වරාය ක්ෂේත්රයට හඳුන්වා දීමෙන් පසුව ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට වරාය සහ නාවික අමාත්‍යාංශය සමත් වූ බවයි.