අභියෝග මැද ඉතා අපහසුවෙන් ගොඩ නැගූ යහපාලනය යමපාලනයක් කිරීම සඳහා කිසිවෙකුටත් ඉඩ නොදෙන ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් ඉල්ලා සිටියි. ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
“වත්මන් ජනපති - අගමැති සම්මුතිවාදී යහපාලන රජය අප ගොඩනැගුවේ මල් යහනා මත සිට නොවේ. අභියෝග රැසකට මුහුණ දී ජීවිත පරිත්‍යාගයෙනි. එදා අප කළ ජනතාවාදී විප්ලවයට අරගලයට විරුද්ධව ක්‍රියා කළ ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් එදා සිනාසුණු ඇතැම් අය අද අපේ රජයේම අමාත්‍ය ධුර සහ ඉහළ තනතුරු දරමින් යහපාලනය යමපාලනයක් කරමින් සිටී. හිතවත් සහෝදර අමාත්‍යවරයෙකු ලෙස මා ඔබතුමාගෙන්ද කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබතුමාද එවැනි අයහපත් තැනකට නොයන ලෙසයි." යනුවෙන් එම ලිපියේ දැක්වෙයි.