නාමයෝජනා ලබාදීමෙන් පසුව මේදක්වා අරලියගහ මන්දිරය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදුකර නැතැයි පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන පවසයි.
පසුගිය 2005 ජනාධිපතිවරණ කාලසීමාව, 2015 ජනාධිපතිවරණ කාලසීමාව සහ ඉකුත්මහ මැතිවරණ කාලසීමාව පිළිබඳව සැලකීමේදී මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් බවද එම සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක ශාන් විජේතුංග මහතා අද (12දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.