අරලියගහ මන්දිරය සඳහා 2016 වසරේදී රුපියල් මිලියන 1,167ක් වැයකර තිබේ. එහිදී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් මිලියන 362ක් හා පුනරාවර්තන වියදම් වශයෙන් රුපියල් මිලියන 417ක්ද, සාමාන්‍ය පරිපාලන හා ආයතනික සේවා සඳහා ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් මිලියන 53ක්ද, පුනරාවර්තන වියදම් වශයෙන් රුපියල් මිලියන 335ක්ද වැයකර තිබේ.
එම මුදල් අතරින් අරලියගහ මන්දිර පරිශ්‍රය තුළ ඉදිකරනු ලබන පස්මහල් ගොඩනැගිල්ලෙහි 75%ක භෞතික ප්‍රගතියක් ළඟාකර ගැනීම සඳහා පසුගිය වසරේදී රුපියල් මිලියන 85ක වියදමක් සිදුකර තිබේ.
එසේම නුවරඑළියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට හා බෙන්තොට පිහිටි නිල නිවස සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 76ක් වියදම් කර තිබේ.
සංහිඳියා යාන්ත්‍රණ ලේකම් කාර්යාලය සඳහා නව කාර්යාල පරිශ්‍රයක් කුලී පදනම මත ලබාගෙන එහි කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා කාර්යාල පිරිසැකැස්ම, කාර්යාල උපකරණ ලබාගැනීම සඳහා රුපියල් මිලියන 68ක් වියදම් කර තිබේ.
අග්‍රාමාත්‍ය ආරක්ෂක ඒකකයට අවශ්‍ය ගිලන් රථයක් හා වාහන රැගෙන යන රථ දෙකක් මිලදී ගැනීම සඳහා පසුගිය වසරේදී රුපියල් මිලයන 34ක් වැයකර තිබෙන අතර, අග්‍රාමාත්‍ය මෙහෙයුම් කාර්යාලයට අවශ්‍ය කාර්යාල උපකරණ මිලදී ගැනීම හා යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10ක් වැයකර තිබේ.