අරලියගහ මන්දිරය තුළ පක්ෂ දේශපාලන කටයුතු සිදු වන්නේදැයි සොයා බැලීම සඳහා ඕනැම වේලාවක අරලියගහ මන්දිරය පිරික්සන ලෙස අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතාට අද (20) ලිපියකින් දැනුම් දී තිබේ. අරලියගහ මන්දිරයේ දේශපාලන කටයුතු සිදුවන බවට එල්ලවී ඇති චෝදනා නිසා අග්රාමාත්යවරයා මෙලෙස ඉල්ලීම්කර ඇති අතර මහ මැතිවරණය අවසන්වන තුරු එම ස්ථානවල මැතිවරණ නිලධාරීන් නතර කර තබන්නේ නම් ඊට අවස්ථාව සලසා දිය හැකි බවද අගමැතිවරයා ප්රකාශකර තිබේ.