අරණායක ප්‍රදේශය තුළ නිශ්චිතවම අධි අවදානම් ප්‍රදේශ හෙට(15දා) ප්‍රකාශ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය බලාපොරොත්තු වන බව එහි අධ්යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා අද ට පැවසීය.
කැගල්ල දිස්ත්‍රික්කය තුළ නායායෑම් සිදු වූ ප්‍රදේශ පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන විසින් සිදුකරමින් පවතින අතර, ලැබෙන තොරතුරු අනුව නිශ්චිතවම අධි අවදානම් ප්‍රදේශ සහ මධ්‍ය අවදානම් ප්‍රදේශ පිළිබඳ විස්තරයක් ලබාදීමට නියමිත බවද ඔහු කීය.
මේසම්බන්ධ වාර්තාව හෙට(15දා) පැවැත්වෙන කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත ලබාදීමට සූදානම් කර ඇති බවද හෙතෙම පැවසීය.
අරණායක සාමරකන්ද නායයෑමෙන් අවතැන් වූ ජනතාව සහ නායයෑමේ අධි අවදානමට ලක් වූ ප්‍රදේශවල ජනතාව මේවනවිට කඳවුරුතුළ රඳවා ඇති අතර, ඔවුන්ට තාවකාලික නිවාස ලබාදීමද ආරම්භකර තිබේ.
මේවනවිට ප්‍රදේශයේ අවතැන් කඳවුරු 11 ක් පවතින අතර මින් බලපෑම වැඩි වශයෙන් ඇති ප්‍රදේශවල ජනතාව වෙත ස්ථිර නිවාස ලබාදෙනතුරු තාවකාලික නිවාස ලබාදීමට කටයුතු කරන බවද අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය.