අරණායක සාමසර කන්ද නායයාමෙන් අවතැන් වුවන්ට සහන සැපයීම සඳහා වෛද්‍යවරුන් 15 න් යුත් කණ්ඩායමක් මේවනවිට යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ට පැවසීය.
ඒඅනුව වෛද්‍යවරුන් 15 කු, ගිලන්රථ 20 ක් සහ හෙදියන් 45 කු ගෙන් සමන්විත මෙම කණ්ඩායම මේවනවිට අරණායකට ගොඩ ප්‍රතිකාර කටයුතු ආරම්භකර ඇකි බවද අමාත්‍යවරයා කීය. එමෙන්ම ප්‍රතිකාර සැපයීම සඳහා කෑගල්ල , වරකාපොල යන රෝහල් සුදානම්කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.