රටබීම සහ බෝතල් රා විකිණීම සඳහා නිකුත් කරන බලපත්ර ගාස්තුව රජය විසින් 2017 ජනවාරි 01 වැනිදා වනවිට බලපැවැත්වෙන පරිදි ඉහළ දමා තිබේ.
ඒ අනුව රටබීම බලපත්ර සමග නිකුත් කරනු ලබන AFL1, AFL2, AFL3, AFL4 (අරක්කු බලපත්ර) සඳහා රුපියල් 100,000 ක්ද, බෝතල් රා විකිණීම සඳහා නිකුත් කරනු ලබන බලපත්රයකට රු.50,000ක්ද බලපත්ර ගාස්තු ලෙස අය කිරීමට තීරණය කර තිබේ.
සුරාබදු ආඥා පනතේ 32 වගන්තිය සමග කියවිය යුතු 25 වැනි වගන්තියෙන් මුදල් ඇමතිවරයාට පැවරී ඇති බලතල ප්රකාරව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම්දී තිබේ.
මෙම නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ, 2017/01/01 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය ක්රියාත්මක වන බවයි.