තම වැඩිමහල් සහෝදරයාගේ කුඩා දරුවන් දෙදෙනා මුදලට විකිණු සැකකාර බාල සහෝදරයා ඇතුළු සැකකාරියන් දෙදෙනකු ගම්පොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මින් වයස අවුරුදු 2 ක් වූ කුඩා පිරිමි දරුවා රුපියල් පන් දහසටත්, සිව් හැවිරිදි වැඩිමහල් දරුවා රුපියල් විසි දහසකටත් අලෙවි කර ඇත.
දරු දෙදෙනාගෙන් එක් දරුවෙකු පොලීස් බාරයට ගෙන ඇති අතර, අනෙක් දරුවා කුරුණෑගල ප්රදේශයට විකුණා ඇති නිසා එම දරුවා සමග එහි සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.