පොලීසිය හා හමුදාව පවතින්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට වුවත් ඔවුන් අද නීතිය අතට ගෙන ඇති බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පවසයි.
එසේම ආරක්ෂක අංශ සාමාජිකයින් මෙලෙස නීතිය අතට ගෙන ක්‍රියාකරන්නේ වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියාවන් නිසා බවත්, මෙම ක්‍රියාවන්වලට විරුද්ධව නැගී සිටීමට ජනතාව අවදිවිය යුතු බවත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනී සරෝජනී සාවිත්‍රි මහත්මිය පැවසුවාය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.