හිමිකරුවන් නොමැතිව මාර්ග අවට සිටින ලක්ෂ හයකට අධික සුනඛයන් මේ වනවිට රටට බරක් වෙමින් තිබෙන බව ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
සුනඛයන් හේතුවෙන් ජලභීතිකාව වැනි රෝග ඇතිවෙමින් තිබෙන බවත්, ජලභීතිකාව තුරන් කිරීම සඳහා මේ වසර තුළදී රුපියල් මිලියන 460ක් වෙන්කර තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
ඊයේ (28දා) දිනට යෙදී තිබෙන ජල භීතිකා දිනය වෙනුවෙන් පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.