අයි පී එල් පොරොත්තු ලේඛණයෙන් ලංකාව හැලේ
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය මහමැතිවරණය හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී හෝ බංග්ලාදේශයේදී පැවැත්විමට මීට ඉහතදී අයි.පී.එල්. පාලනාධිකාරිය විසින් තීරණය කරන ලදී.
නමුත් එයින් ශ්‍රී ලංකාව ඉවත් කර ඇති බවත් ඒ වෙනුවට බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් පිළිබඳව අයි.පී.එල්. පාලනාධිකාරියේ අවාධානය යොමුව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාරතා කරයි.
තරගාවලිය පවත්වන අවසාන රට කුමක්ද යන මෙම මස 13 වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව තීරණය කිරීමට නියමිතය.
2009 වසරේදී පැවැති ඉන්දීය මහ මැතිවරණය හේතුවෙන් එම වසරේ තරගාවලිය පැවැත්වූයේ දකුණු අප්‍රිකාව තුළය. යම් හෙයකින් මෙවර තරගාවලිය ඉන්දියාවේ පැවැත්නොවෙනාවානම් ඒ සඳහා හොඳම රට දකුණු අප්‍රිකාව බවට අයි.පී.එල්. පාලනාධිකාරය මතයක් දරණ බවද එම වාර්තා තවදුරටත් වාර්තා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

