පසුගිය වසරේදී ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා නිවාස 32,000කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබුණද එම නිවාස යථා තත්ත්වයට පත් කරගැනීමට ජනතාවට කිසිදු සහනයක් මෙතෙක් ලබා දී නොමැති බව වාර්තා වේ.
මෙම ප්‍රමාණයෙන් නිවාස 24,999 ක් විනාශයට පත්වී තිබෙන්නේ පසුගිය නොවැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි.
සමස්ත නිවාස ප්‍රමාණයෙන් නිවාස 14,000කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙන අතර, අයහපත් කාලගුණ තත්ත්වය නිසා සමස්ත දිස්ත්‍රික්ක 25 න් 23කම නිවාසවලට හානි සිදුව තිබේ.
ආපදා තත්ත්වයකදී ජනතාවට සහන සැලසීම ආපදා කළමනාකාරණ අමාත්‍යාංශයේ වගකීමක් වුවද, මෙතෙක් එම කටයුත්ත සිදුකිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හෝ වෙනත් අමාත්‍යාංශයක් කටයුතු කර නැත.
මීට අමතරව පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා කුඹුරු අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයක් විනාශ වී තිබුණද ඒ සඳහා වන්දි ගෙවීමක් හෝ මෙතෙක් සිදුකර නැතැයි ගොවි වෘත්තීය සමිති සඳහන් කරයි.